Blessed is the Unity of Saṅgha
[vc_row][vc_column][vc_column_text]
සමග්ගානං තපො සුඛො
“සමගි වූවනට තපස සැපයකි”
මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනයේදී සිව්වන වරට පවත්වන ලද භික්ෂු භාවනා වැඩ සටහන 2019 මාර්තු 31 වනදා සාර්ථකව අවසන් විය.
මෙවර භාවනා වැඩ සටහනට ස්වාමීන් වහන්සේලා හැටතුන් නමක් සහභාගි වූහ. පැමිණ සිටි ආරණ්‍යවාසී සහ ග්රාමවාසී සියලු භික්ෂූන් වහන්සේලා ඉතා සමගි සම්පන්නව තම ආධ්‍යාත්මික ගුණ දියුණුව සඳහා මහත් කැප වීමෙන් අප්‍රමාදීව කටයුතු කළහ.
මෙවර වැඩ සටහනේ තවත් කැපී පෙනෙන අංගයක් වූයේ මෙම යෝගී සඟ පිරිස, සංඝ පීතෘන් වහන්සේලා, තෙරුන් වහන්සේලා, මධ්‍යම භික්ෂූන් වහන්සේලා නවක භික්ෂූන් වහන්සේලා සහ සාමණේර ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත වීමයි. ඇත්තෙන්ම ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙරට සංඝ සමාජයේ සෑම මට්ටමක්ම නියෝජනය කරන සැබෑ හරස්කඩක් වශයෙන් මෙය අති විශේෂී හමුවක් වේ.
බියගම, දොම්පේ සහ රදාවාන රජයේ රෝහල්වල සේවයේ නියුතු මනෝ වෛද්‍ය ධම්මික ආරියනන්ද මහතා විසින්, භාවනාවේ ඇති නවීන විද්‍යාත්මක පසුබිම අළලා කරන ලද සාරවත් දේශනය බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ඉමහත් පැසසුමට ලක් විය.
භාවනා වැඩ සටහන අවසානයේ ඉතා වටිනා ධර්ම පුස්තක රැසක්ද සහභාගි වූ ස්වාමීන් වහන්සේලාට පූජා කරන ලදි.
මෙවර භාවනා වැඩසටහනේ තේමාව ලෙස සුතවන්ත සූත්‍රය යොදා ගත් අතර ධර්ම දේශනා/කමටහන් සාකච්ඡා මෙතැනින් බාගත කරන්න:
වෛද්‍ය ධම්මික ආරියනන්ද මහතාගේ දේශනය:
මීළඟ භික්ෂු භාවනා වැඩ සටහන 2019 නොවැම්බර් මස 13 වැනිදා සිට 21 දා දක්වා පැවැත්වේ.
ඒ සඳහා අයදුම්පත පත මෙතැනින් බාගත කරන්න.
[/vc_column_text][vc_column_text]
Blessed is the Unity of Saṅgha
The fourth Bhikkhu Meditation Retreat, held in the Meethirigala Nissaranavanaya Forest Monastery, was successfully completed on 31st March 2019.
On this occasion, there were sixty three monks, consisting of both forest monks and village monks. All of them, with a view to carrying forward their spiritual advancement, practised diligently, with much dedication and commendable mutual co-operation.
Another remarkable feature in this retreat was that the yogi Sangha community comprised of Maha Theros, Theros, Majjhima Bhikkhūs, Navaka Bhikkhūs and Sāmaṇerās (Novices). It was, indeed, an exceptional gathering, being an excellent cross section, drawn from and representing all levels of seniority in the Sangha Community of Sri Lanka.
The Psychiatrist, Biyagama, Dompe and Radavana Government hospitals, Dr. Dhammika Ariyananda delivered a very lucid presentation on the ‘Scientific Background Behind Mindfulness Practice’. This, being a fairly new and interesting exposure, was highly appreciated by the Yogi Bhikkhus.
At the end of the programme, several valuable Dhamma books were distributed among the participant Bhikkhus.
This time, Sutavanta Sutta was taken as the topic for the retreat and you can download Dhamma sermons/Q&A from here:
Dr. Dhammika Ariyananda’s Presentation:
The next Bhikkhu retreat will be conducted from 13th November 2019 to 21st November 2019.
Application forms for the next Bhikkhu retreat can be obtained from here:
[/vc_column_text][vc_gallery type=”image_grid” images=”1930,1932,1933,1935,1939,1936,1931,1937,1938,1934″ img_size=”227×170″][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row]